Husma
ඔලුගෙඩි තිබුනමුත් මොලගෙඩි නොමැති සතා
කෙසගේ සිටන් නියගේ තෙක් ඇතැයි සිතා
තුරුගොමු වනසමින් විශඝොර මිනිස් සතා
තරකර ගනී මඩියම දෙවරක් නො සිතා
කෙසගේ සිටන් නියගේ තෙක් ඇතැයි සිතා
තුරුගොමු වනසමින් විශඝොර මිනිස් සතා
තරකර ගනී මඩියම දෙවරක් නො සිතා
මිහිකත් මවගෙ මවු වේ මේ සොභා වති
මවු කෙලෙසුනු කලට දියනිය සසල වෙති
සිදුවන තෙක් කවුරුත් තේරුම් නො ගති
දියනිගෙ කෝපයෙන් ඔබ අප දැවී යති
මවු කෙලෙසුනු කලට දියනිය සසල වෙති
සිදුවන තෙක් කවුරුත් තේරුම් නො ගති
දියනිගෙ කෝපයෙන් ඔබ අප දැවී යති
ගස්වැල් තිබෙන තෙක් සත හට හුස්ම ඇත
නැතිවුන කලට කොයි කාගෙත් දිවිය නැත
ගසක් කැපුවහොත් සියයක් වැඩිය යුත
නැත්නම් නිතැතින්ම මරුවා බලන් ඇත
නැතිවුන කලට කොයි කාගෙත් දිවිය නැත
ගසක් කැපුවහොත් සියයක් වැඩිය යුත
නැත්නම් නිතැතින්ම මරුවා බලන් ඇත
Comments
Post a Comment