Podi sadu


                             පොඩි සාදු



ආසයි කරන්නට දුවපැන ඇවිදල                සද්ද
සිහිවෙයි නිතර බැද්දේ මා දං                       ඉද්ද
සිවුරු පොටට මේ සියල්ල කැප                 නැද්ද
දුක හිතෙනවා දුටුවම කලිසම්                   රෙද්ද

ගිරවෙකු වගේ කියවන්නට නගා                හඩ 
නම්පොත මගුල් ලකුනද තව සකස්           කඩ
මගහැර ඉන්ට කොහොමට වත් නොමැත ඉඩ
පාඩම් නැති අයට ලැබෙනව වේ වැලේ       දඩ

ගමනනෙන් බිමනෙන්ද සංවර වෙලා          ඉමි
සිතින් කයින් වචනින් පවු නොකර              ඉමි
එනමුත් අම්මෙ ඔබ සිහි වී සුසුම්                ලමි
ඔබෙ මතකයන් රින්ගනවා කඩා                බැමි

Comments